සුරතල් සතුන් සම්බන්ධයෙන් හදිසියේ සිදු වූ දේ...විශේෂයෙන් බල්ලන් සහ බළලුන්.
ඩොලර් හිඟය හේතුවෙන් සුරතල් සතුන්ගේ ආහාර හිඟයක් උද්ගතව ඇතැයි පශු වෛද්‍යවරු සහ එම ආහාර ආනයනය කර බෙදාහරින්නන් පවසනවා.
බළලුන්,සුනඛයන් ආදී සුරතල් සතුන් සඳහා ලබා දෙන ආහාර පමණක් නොව එම සතුන්ට ලබා දෙන එන්නත්, ඖෂධ වර්ගවල මිල ගණන්ද සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයිද පශු වෛද්‍යවරු කියයි.
එමෙන්ම,ඩොලර් අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේදී ඇවුම් කරන ලද සුරතල් සත්ත්ව ආහාර,විටමින් වර්ග ආදිය වරායෙන් නිදහස් කර ගැනීමේ ගැටලු තත්ත්වයන් උද්ගතව ඇතැයිද සත්ත්ව ආහාර බෙදාහරින්නන් පවසයි.
මෙම ගැටලුව හේතුවෙන් සත්ව සායනවලට අවශ්‍ය සත්ත්ව ආහාර, විටමින්.
ඖෂධ ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවද පශු වෛද්‍යවරු කියා සිටියි.
රුපියල් 100 ක් වැනි මිලකට අලෙවි කෙරෙනු සත්ව ආහාර පැකැට්ටුවක මිල රුපියල් 500 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පශු වෛද්‍යවරු පවසනවා.
එමෙන්ම, සත්ත්ව ආහාර ඇතුළු දෑ ආනයනයට අදාළව බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීම සඳහා සති කීපයක ප්‍රමාදයක් සිදුව ඇතැයිද ආනයනකරුවන් පවසයි.
මේ පිළිබඳව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවලගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ, සුරතල් සතුන්ගේ ආහාර වරායෙන් නිදහස් කර ගැනීමේ යම් ගැටලු තත්ත්වයක් පවතී නම් සිය දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසයි.
“සුරතල් සතුන් සඳහා භාවිත කරන ආහාර සහ විටමින් වර්ග වෙනදා පැවැති මිල ගණන් වලට රට ඇතුළට එන්නේ නෑ.
සැපයුම අඩුවීම තුළ එම ආහාර සහ විටමින් මිල ගණන් වැඩිවිය හැකියි.
එම ආහාර සහ විටමින් වර්ග වරායෙන් නිදහස් කරගැනීමේ යම් ගැටලුවක් තිබෙනවා නම් අප දෙපාර්තමේන්තුවට දැනුවත් කරන ලෙස දැනුම්දී තිබෙනවා.
ඊට අවශ්‍ය සහාය දෙන්න අප ආයතනය සූදානම්. කුකුළු සහ ගව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනට අනුමැතිය ලැබී තිබෙනවා.
එම සත්ව ආහාරවල ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ සත්ව ආහාරයි.
ගිය වසරේ මෙට්‍රික් ටොන් හතළිස් දහසක් (40,000) ආනයනයට අවසරය ලබා දුන්නා.
මේ වසරේ පළමු කාර්තුවේදී මෙට්‍රික් ටොන් ලක්ෂයක් (100,000) ආනයනය කිරීමට අවසරය ලබාදී තිබෙනවා.
ඉල්ලුම සහ සැපයුමේදී මිලෙහි යම් වෙනසක් සිදුවීමේ හැකියාව තිබෙනවා.“
යැයිද අධ්යක්ෂ ජනරාල්වරිය කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |