වෛද්‍යවරුන්ගේ වැටුප් ගැන ජනපතිගේ තීරණය

Ranil Wickremesinghe Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Jul 30, 2023 10:07 AM GMT
Report

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවයි.

වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වාදෙන්නේ.

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේය.

"භාහිර රෝගී අංශයේ රෝගියෙක් බලනවා ට වෛද්‍යවරයෙකුට ගෙවීම් කරන්නේ, රුපියල් 28යි. සායනයක රෝගියෙක් බලනවා ට රුපියල් 36ක් වගේ. සීමාවාසික වෛද්‍යවරු ඊටත් වඩා අසාධාරණයට ලක්වෙනවා. මේ සියල්ලම බලපාලා තියෙනවා වෛද්‍යවරු මේ විදියට දැඩි කලකිරීමකට පත්වෙලා තමන්ට වෙන අසාධාරණයට පිළිබඳව රට හැරයාමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.

ඒක නිවැරදි කරන්න ජනාධිපතිතුමා එකඟතාවය පළ කරා සියල්ල සමාලෝචනය කරලා මුදල් අමාත්‍යාංශය එක්ක කතා කරලා, ඉදිරි අයවැය හරහා පළවෙනි ආරම්භක පියවර තියෙන්න මේ සම්බන්ධයෙන් වෙන. ඒක විශේෂ දෙයක් බවට පත්වෙයි කියලා අපි විශේෂයෙන්ම. මේ යෝජනා පාදක කරගෙන වැටුප් ක්‍රමවේදයක් වෛද්‍යවරු සඳහා නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයයි කියන කාරණය."