වෛද්‍යවරුන්ගේ විදෙස් නිවාඩු ගැන ස්ථාවරය..
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, වෛද්‍යවරුන් සඳහා විදෙස් නිවාඩු අනුමත නොකර සිටීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.
පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අද (16) පැවති මාධ්‍ය හමුවක දී සීමා පැනවීමට පෙර වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
"වෛද්‍යවරු රට තුළ රඳවා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙලකුත් එක්ක තමා සීමා කිරීම කරන්නේ. අපිට ඊයේ දවසේ ආරංචි වෙනවා. සෞඛ්‍ය ලේකම්වරයා විසින් යම් චක්‍රලේඛයක් හෝ යම් නියෝගයක් කළා කියලා නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් සිටින විශේෂඥ වෛද්‍යවරු විදේශගත වීම සඳහා මින් ඉදිරියට නිවාඩු අනුමත නොකරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා.
ගිය අවුරුද්දේ වෛද්‍යවරු 274ක් වගේ විශේෂඥ වෛද්‍යවරු රට ගිහින් තියෙනවා. මේකෙන් භාගයක්ම කියලා නෙමෙයි ගිහින් තියෙන්නේ. ඒ අය උත්සාහ කරලා තියෙනවා නිවාඩු අරන් යන්න. නමුත් නිවාඩු අනුමත නොවීම නිසා ඒ අය ලංකාව ගැන අදහස අතහැරලා, රස්සාව අතහැරලා ගියා. අවසානයේ සිදුවන්නේ ඒක පාර්ශවික ලෙස ගන්න තීන්දු නිසා දැනට රටේ රැඳිලා ඉන්න මානසිකත්වයෙන් ඉන්න වෛද්‍යවරු රට දාලා යන්න පෙළඹෙනවා කියන කාරණය."