වෛද්‍යවරුන් නෙරපීමට තීරණය කෙරේ..

Hospitals in Sri Lanka Crime South Korea Latest Headlines
By Sewvandhi Mar 04, 2024 08:07 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000ක ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තාවනවා.

එම වෛද්‍යවරුන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස නියෝග කර ඇතත් ඔවුන් එය නොසලකා කටයුතු කරන බවයි, එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර, පොලීසිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ගාල්ල, තලගහහේන පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රභාත් චාමර සම්පත් නැමති 37 හැවිරිදි අයෙකි. අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ ද කරාපිටිය රෝහලේම සේවය කරන වෛද්‍යවරියකි.

සිදුවීම සිදුවු අවස්ථාවේදී වෛද්‍යවරිය නිවසේ සිට නොමැති අතර, මියගිය වෛද්‍යවරයාගේ දේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.