වෛද්‍ය ෂාෆි ඔහුට ලැබුණු මිලියන 2ට අධික හිග වැටුපට කවුරුත් පුදුම කරමින් සිදු කළ දේ..(PHOTOS)

Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jun 13, 2022 09:51 AM GMT
Report

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවනු ලැබූ රුපියල් මිලියන 2.6කට අධික හිඟ වැටුප් චෙක් පත ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට ඔහු තීරණය කර තිබෙනවා.

එනම්, මෙම වෛද්‍යවරයාට ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අයත් හිඟ වැටුප් හා දීමනා ජූලි මස 10 වැනි දිනට ප්‍රථමව යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතටයි.

ඒ අනුවයි ෂාෆි වෛද්‍යවරයාට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් දෙ මිලියන හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක (2,675,816.48) ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ.

මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි වෙත ලැබී ඇති අතර, ඔහු තීරණය කර ඇත්තේ, තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery