මෙහි සංචාරය නොකරන්න..! හදිසි දැනුම්දීමක්..

Ali Sabry Lebanon Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Sewvandhi Aug 02, 2024 08:00 AM GMT
Report

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ,අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. 

එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.  

මේ අතර, ඊයේ (1) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව ප්‍රකාශ කලා. 

එමෙන් ම, ජාත්‍යන්තර වශයෙන් සිදුවන ක්‍රියාකාරකම් පාලනය කළ නොහැකි වුවත් එය හේතුවක් කරගෙන රටක් කඩාවැටෙන තෙක් බලා සිටිය යුතු නොමැති බව ද එතුමා සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මතු විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ය.

රාජ්‍ය ඇමතිගේ පුද්ගලික ලේකම් හදිසියේම අත්අඩංගුවට..!

රාජ්‍ය ඇමතිගේ පුද්ගලික ලේකම් හදිසියේම අත්අඩංගුවට..!