දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි - දුම්රිය ධාවනයට බාධා..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Landslide In Sri Lanka
By Sewvandhi
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
ඒ දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.
කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මේ වනවිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා ඇත.
පස් ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවයි, දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේ.