රාජ්‍ය නිලධාරීන් පිරිසක් හදිසියේම වර්ජනයක

Monaragala Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 23, 2022 08:37 AM GMT
Report

අද (23) පැවති මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කිසිදු ප්‍රාදේශීය ලේකම්වරයෙකු සහභාගි නො වූ බව එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක පවසනවා.

ඒ, දේශපාලන මැදිහත්වීමක් මත විනය පරීක්ෂණයක් සිදු නො කර බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයාට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව පවසමින්.

පසුගිය දා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයා ඉවත් කරන්නැ යි ඉල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මොණරාගල නගරයේ පොදු බස් නැවතුම්පලේ වහළයක් මත නැගී උපවාසයක නිරත වීමෙන් අනතුරුව යි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ.

ඊට විරෝධය පළ කරමින් අද පැවති මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ප්‍රාදේශීය ලේකම්වරුන් එක් නො වීමට තීරණය කර තිබුණා.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Jon Now