දුම්රිය මාර්ග ගිණි ගනියි..ප්‍රදේශ කිහිපයක දුම්රිය ධාවනයට බාධා..

Sri Lanka Railways Department of Railways Weather Railways
By Aruna Aug 06, 2023 04:31 AM GMT
Report

ගිනි ගැනීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

ඒ, හබරණ සහ ගල්ඔය අතර සිදුවූ ගිනි ගැනීම් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඒ හේතුවෙන් පීලි කිහිපයක් ද ගිනි ගෙන ඇති බවත්, ගිනි ගැනීමට ලක්වූ පීලි ඉවත් කර අලුතින් පීලි එක් කළ බවයි .

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි ගැනීම්වලදී අවස්ථාවෝචිතව සුදුසු පියවර ගන්නැයි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇතිබවයි.

මීට අමතරව උඩරට දුම්රිය මාර්ගය ආසන්නයේ ද ගිනි ගැනීම් වාර්තා වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, රක්ෂිත ආශ්‍රිත ගිනි තැබීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.