ගර්භාෂයේ රෝග පාලනය කරන සුපිරි ආහාර පාන.
මද සරු භාවය කියන්නේ ගොඩක් කාන්තාවන් අතර දකින්න ලැබෙන ගැටළුවක්. මවක් වෙන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක්ට නම් මෙය ලොකු මානසික පීඩනයක්.මේක වැඩිපුරම හේතු වෙන්නේ ඔබේ ගර්භාෂයේ සිසිල් නොවීම, ඔබේ සිරුරේ අධික උෂ්ණත්වය සහ ඒ බව දැන දැනම උෂ්ණ අධික ආහාර ගැනීම. ඊට අමතරව ඉතින් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, ගර්භාෂය ආශ්‍රිතව පිළිකා ඇතිවීම ආදී වෙනත් රෝගී තත්වයන් ද බලපාන්න පුළුවන්.
ඔබත් මවක් වෙන්න මඟ බලන් ඉන්න කෙනෙක් නම් මුලින්ම වෛද්‍ය උපදෙස් අරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. ඒ වගේම තමයි සිරුරේ උෂ්ණත්වය අධික කෙනෙක් නම් ඔබ නිතරම ඔබේ සිරුරේ, ගර්භාෂයේ උෂ්ණත්වය පාලනය කළ යුතුයි. ඒ නිසා ගර්භාෂයේ රෝග වලට ඔබ වෛද්‍ය ප්‍රතිකාර කරන අතරතුර මෙන්න මේ විදිහට ගර්භාෂයේ රෝග පාලනය කරගන්න උනන්දු වෙන්න.
ගර්භාෂය සිසිල් කරන ආහාර වර්ග
🟣 කොමඩු නිකන්ම හෝ ජූස් ලෙස ලබාගන්න.
🟣 පිපිඤ්ඤා ව්‍යංජනයක් ලෙස පිපිඤ්ඤා සම්බෝලයක් ලෙස හෝ අමුවෙන් ආහාරයට ගැනීම කළ හැකියි.
🟣 අළු පුහුල් ආහාරයට ගැනීම මඟින් ද ශරීරයේ හා ගර්භාෂයේ උෂ්ණත්වය සමනය කරගන්න පුළුවන්.
🟣 අලු පුහුල්, පිපිඤ්ඤා, මෙන්ම කැකිරි ද ජලය අඩංගු ආහාරයකි. කැකිරි ආහාරයට ගැනීම මඟින් ද ශරීරයේ විජලනය හා උෂ්ණත්වය පාලනය කර ගත හැකියි. මුත්‍රාශයේ ගල් දිය කිරීමට ද කැකිරි වලට හැකියාව තියෙනවා.
🟣 වම්බටු ද ශීත ගුණයෙන් යුතු එළවළුවකි.
🟣 කටු අනෝදා කියන්නෙත් වඩාත් ගුණදායක පළතුරක්.
🟣 ඒ වගේම සව්, මුං ඇට සහ කැඳ, බාර්ලි.
🟣 බෙලි මල්, අමු කොළ. සහ බෙලි කටු තම්බලා බොන්න.
🟣 පොල්පලා පානය, කොළ කැඳ පානය, රණවරා පානය, නෙල්ලි පානය.
🟣 නෙල්ලි රසකිඳ පානය.
🟣 තැඹිලි, කුරුම්බා සහ පොල් වතුර පානය කිරීම.
🟣 කෝමාරිකා මඳ සුරලා බ්ලෙන්ඩ් කරලා බොන්න. නැත්නම් නිකන්ම මද ගිලින්න.
සිරුරේ උෂ්ණත්වය වැඩි කරන ආහාර
🟣 ඉස්සො
🟣 දැල්ලො
🟣 පොකිරිස්සො
🟣 කකුළුවන්
🟣 අබ
🟣 බලමාළු
🟣 හරක් මස්
🟣 බල කරවල
🟣 රට දෙල්
🟣 කොල්ලු
🟣 තක්කාලි
🟣 අන්නාසි
🟣 මධ්‍යසාර
🟣මිරිස් අධික ආහාර
🟣 විනාකිරි
🟣 චට්නි
🟣 අච්චාරු
🟣 මෝජු
🟣 බිලිං වැනි උෂ්ණාධික ආහාර
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |