ධනවත් ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස අතුරුදන්. - අවසානයේ වෑන් රථය හමු වූ තැන මෙන්න.

Sri Lanka Businessman
By Wayomi Aug 17, 2023 04:33 PM GMT
Report

කොලොන්න, නෑදොල ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස අතුරුදන් වී තිබෙනවා.

ඔහු ඊයේ (16) මුදල් රැගෙන ඒම සඳහා ඔහුට අයත් වෑන් රථයෙන් දෙනියාය නගරයට ගොස් තිබුණා.

පසුව ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් කොලොන්න පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව පොලිසිය ඒ සම්න්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඔහුට අයත් වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලීසිය විසින් සොයා ගැනුණා.