තවත් දීමනාවක් ඉහළ දමයි.

Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By krishani Aug 16, 2023 06:17 PM GMT
Report

ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් දීමනාව මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අද (16) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ඒ අනුව ආබාධිත වූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙනු ඇත.

එමෙන්ම ආබාධිත වූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමන අතර  ආබාධිත වූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා ඉහළ දැමේ.

ආබාධිත වූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කෙරෙන අතර  ආබාධිත වූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළ දමයි.

කෙසේ වෙතත්, ආබාධිත වූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරිමට තීරණය කර ඇත.