"..මට එයා නැතුව ඉන්නත් බැහැ, එයාට මං නැතුව ඉන්නත් බැහැ,දිනිතියි මායි පුදුම විදියට ළංවෙලා ඉන්නේ.. ඒ නිසා අපි විවාහ වෙනවා.."-සංගීත් සතරසිංහ..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress Sri Lankan Actor
By Sewvandhi Oct 09, 2022 03:50 PM GMT
Report

කළා පවුලකින් පැවතගෙන එක ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන ‘අසිරිමත් දළදා ගමනය’ ටෙලි නාට්‍යයේ දන්ත කුමරුගේ චරිතය හරහා වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන වන පාර දිගේ ටෙලිනාට්‍යයේ ඩේමියන්ගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. කොහොම නමුත් දැන්නම් අපිට ඔහුව තනිවම දකින්න ලැබෙන්නේ නැති තරම්. මොකද ඔහු ඉන්න හැමතැනම අනිවාර්යයෙන්ම ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේත් ඉන්නවා.

ඉතින් දිනිතියි ඔහුයි තවම හොඳම යාළුවෝ කියලයි ඔහු කියන්නේ. ඒ වගේම දිනිතියි ඔහුයි පුදුම විදියට ළංවෙලා ඉන්නේ. ඉතින් ඔහුටත් වඩා ඔහුගේ අම්මයි, තාත්තයි දිනිතිට ගොඩක් ආදරෙයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට එයා නැතුව ඉන්නත් බෑ, එයාට ඔහු නැතුව ඉන්නත් බෑ කියලත් සංගීත් කියනවා. හැබැයි ඔවුන් දෙන්නට දෙන්න ආදරෙයි කියන එක තාම කියාගෙන නැහැලු. නමුත් දකින කෙනාට ඒක ආදරයක් විදියට දකින්න පුළුවන් කියලයි ඔහු කියන්නේ. ඉතින් එළියෙ අය දකින්නෙ ඒක ආදරයක් විදියට නම් ඒක ආදරයක් වෙන්න ඇති කියලත් ඔහු කියනවා.

ඒ වගේම ඔවුන්ගේ අදහස් ගොඩක් ගැළපෙනවාලු. ඉතින් ඔවුන්ට ඔවුන් නැතුව ඉන්න බැරි නිසා කොතරම් කාර්යබහුල වුණත් පොඩි චාන්ස් එකක් ලැබුණ ගමන්ම ඔහු දිනිතිට කතා කරනවාලු. ඉතින් ඇයත් එහෙමලු. ෆ්ලයිට් එක ලෑන්ඩ් කළ ගමන්ම ඔහුට ගන්නවාලු. ඒ වගේම හැම වෙලේම ඔවුන් හමුවෙනවාලු. ඒ නිසාම ඔවුන් හමුවෙන්නෙ නැති දවසක් නැති තරම් කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහුගේ ජීවිතේ අම්මා තාත්තා ඇරුණම දිනිති තරම් ඔහුට සහයෝගය දීල නැහැලු වෙන කිසිම කෙනෙක්. ඒ වගේම මිනිස් ජීවිතවල හැලහැප්පීම් ඕන තරම් තිබුනට ඒ මනුස්සයා තව කෙනෙක් එක්ක ජීවත් වෙන විදිය තමයිලු වැදගත් වෙන්නේ. එහෙම නැතුව හිටපු විදිය නෙවෙයි කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු ආදරේ අසීමිතව ලබන කෙනෙක් කියලත් ඔහු කියනවා. ඉතින් ජීවිතේ ඔහු බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි ආදරයක් ඔහු දැන් ලබනවාලු. ඒ වගේම ඔහු ජීවිතේ වෙන කවරදාකටත් වඩා අද සතුටින් ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔවුන් අතරේ විවාහයක් වෙන්න පුළුවන් කියලයි ඔහු කියන්නේ. හැබැයි ඒක අද වෙයිද හෙට වෙයිද කියල නම් කියන්න බැහැලු.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery