අගමැතිකමින් දිනේෂ් ඉවත් කිරීමේ සූදානමක් ?

Basil Rajapaksa Dinesh Gunawardena
By Aruna Sep 18, 2022 12:10 AM GMT
Report

බැසිල්ගේ පණිවුඩය මෙන්න මීළඟ අයවැයට පෙර අගමැති දිනේෂ් ගුණවර්ධන තනතුරෙන් ඉවත් කරන බවට දේශපාලන ආරංචි මාර්ග පැතිර යාමත් සමග ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද අවධානය යොමු විය.

මෙම ගින්න පත්තු කළේ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්න ජයසුමන මැති සබයේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට ලැබෙන දුරකථන ඇමතුම්ලින්ද මේ ගැන විමසීම නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග කැඳවීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කටයුතු කළේය.

‘‘අගමැති ඉවත් කිරීමේ තීරණයක් අපි අරගෙන නැහැ‘’ බැසිල්ගේ පණිවුඩය වූයේය.

මෙම කට කතාවට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පිළිතුරු දුන්නේ සිය රාජ්‍ය ඇමැතිවරු වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු වැඩ භාර ගැනීමේ අවස්ථාවේදීය.

කවුරු මොනවා කීවත් අගමැති ඉවත් කරන්නේ නෑ ඔහු දැඩිව කීවේය.

ඇමැතිවරයා සිය රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාටද තම බලතල බෙදා දීමට ඇමැතිවරයා අමතක නොකළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now