අගමැති රතු කුරුස සම්මේලනයෙන් කළ විශේෂ ඉල්ලීම..
Dinesh Gunawardena
Sri Lanka Politician
Sri Lanka
By krishani
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විපතට පත් වැඩි පිරිසකට ආහාර බෙදා දීමේ වැඩසටහන් හා ඖෂධ මෙන්ම අතිරේක ආධාර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ මහතා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතියෝ සමග පෙරේදා (13) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවකදි මෙම ඉල්ලීම කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන් වැඩිදියුණු කිරීමට තම සංවිධානය ධනවත් පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා මෙහිදී පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |