අගමැති පාර්ලිමේන්තුවට භාරදුන් සල්ලි..
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස කටයුතු කළ කාලයේ එම ධුරයේ නිල රථයට හිමි ඉන්ධන දීමනාවෙන් රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසක්, පාර්ලිමේන්තු සභානායක කාර්යාලය වෙත යළි භාර දී ඇත.
ඒ අනුව ඔහු සභානායක ලෙස සිටි 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා, ඉතිරි කළ ඉන්ධන දීමනාවේ වටිනාකම රු. 1,568,000ක් (රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසක් ) බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේ ය.
එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස කටයුතු කළ අවධියේදී අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාවල පිටපත් සංඛ්‍යාව සඳහා සිදුකරන විශාල වියදම් අඩු කිරීමට ද කටයුතු කර බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව එක් භාෂාවකින් 350 බැඟින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව, භාෂා තුනෙන් ම පිටපත් 12 දක්වාද, 248ක් වූ සංයුක්ත තැටි සංඛ්‍යාව 02 දක්වාද ගෙන ඒමෙන් අතිරේක වියදම් අඩු කර ඇත.