ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකරන්න අගමැතිගෙන් නව වැඩපිළිවෙලක්
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකත්වයට ආණ්ඩුකාරවරුන් හා පළාත් සභා නිලධාරීන්ගේත්, හිටපු මහජන නියෝජිතයින්ගේ සෘජු දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ(27) අරලිය ගහ මන්දිරයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සූම් ඔස්සේ පැවැති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
විවිධ සංවිධාන හා ආගමික නායකයන් මෙම වැඩපිළිවෙළ හා සම්බන්ධ වී සිටින අතර, ග්‍රාමීය මට්ටමට ගොවිජන සේවා බලතල යොමු කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීමක් වනවා.
වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කෘෂි ,පශු ,සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවල සැබෑ තොරතුරු ඇතුළත් වාර්තාවක් සතිපතා අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ග්‍රාමීයව ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර ගැනිමටත් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරෙන අතර, ඒ ඒ පළාත්වලට ආවේණික කෘෂි අපනයන බෝග නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙහි අරමුණයි.
ඒ තුළින් මෙරට අපනයන ආදායම ඉහළ නංවාලීම අපේක්ෂා කෙරෙනවා. එවැනි භෝග නිෂ්පාදනයේදී ගොවි ජනතාවට සහන ලබාදීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා එම හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.
එසේම පළාත් මට්ටමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති අතර සෑම පළාතකම සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීමටත්, සංචාරක කවුළු විවෘත කිරීමටත් පියවර ගැනීමට නියමිතයි.
මේ වනවිට ගුවන් සමාගම් රැසක් මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වී ඇති හෙයින් විදේශ ආදායම් වැඩිකර ගැනීමට සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |