රජයේ ප්‍රමුඛතම අරමුණ අගමැති කියයි

Dinesh Gunawardena Sri Lanka Government Of Sri Lanka
By Sithumi Oct 03, 2022 12:11 PM GMT
Report

පැල්පත්වලින් තොර රටක් බිහිකර දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

"වෙනසක් නොකරමු, කිසිවෙකු හෝ කිසිතැනක් අත් නොහැර රැකගනිමු" යන තේමාව යටතේ අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති 36 වන ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී, ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව මෙහිදී නිවාස හිමිකම් ඔප්පු 650ක් ද ප්‍රදානය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේය.

මිනිස් ජීවිතවල ආරක්ෂාව, දියුණුව සහ බලාපොරොත්තු ඇති නිවසක දරුවන්ගේ අනාගතය ගොඩ නැගිය හැකි වාතාවරණය බිහිකිරීමට රජය කැප විය යුතු බව මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත වතු 1,200ක් සඳහා ස්ථීර නිවාස වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now