චිත්‍රපටය සාරංගගේ වුනාට මට ලැබුනේ පුංචිම පුංචි කොටසක්, අනිත් අයට වගේ නෙමෙයි සාරංග මට සැර කරනවා-දිනක්ෂි ප්‍රියසාද් (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi දින 6 කට පෙර
Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය කළා ශිල්පීන් යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඒ වගේම මේ දෙන්නගෙම රංගන හැකියාවන් එකම නිර්මාණයකින් දකින්න දැන් රසිකයන්ට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ ‘යාළුවෝද යාළුයිද’ සිනමා නිර්මාණය හරහා.

ඉතින් මේ ගැන වගේම අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් දිනක්ෂිව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ චිත්‍රපටය රූගත කළේ ගිය අවුරුද්දෙ කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේක සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය වෙනස් විදිහේ නිර්මාණයක් කියලත් ඇය කියනවා. කොහොම නමුත් ගොඩක් වෙලාවට අලුත් පරම්පරාව කියන දෙයක් තමයි එයාලට හරියන විදිහේ චිත්‍රපට හැදෙන්නෙ නැහැ කියන දේ. ඉතින් මේ චිත්‍රපටය විශේෂයෙන්ම ඔවුන් ඉලක්ක කර කරපු නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන් කියලයි දිනක්ෂි නම් කියන්නේ

. ඒ වගේම සාරංග දිනක්ෂි සැබෑ ජීවිතයේ කපල් එක වුණාට මේ චිත්‍රපටයේදී ඔවුන්ට ලැබිලා තියෙන්නේ වෙනස් චරිත දෙකක්. ඉතින් ඇයට ලැබිල තියෙන්නෙ සාමාන්‍ය ජීවිතයේ ඇයගේ චරිතයට වඩා ටිකක් නපුරු චරිතයක් කියලත් දිනක්ෂි කියනවා. ඒ වගේම සාරංගටත් ලැබිල තියෙන්නෙ ටිකක් අමුතු විදිහේ චරිතයක්ලු.

Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery