වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විනාශ කළේ රාජපක්ෂ පවුල..! ජනපතිට වැරදුනේ කොතනද..? ව්‍යාපාරික දිලිත් ජයවීරගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..!(VIDEO)

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis Rajapaksa Family
By Sewvandhi Jun 03, 2022 08:09 AM GMT
Report

දිලිත් ජයවීර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විනාශ කළේ රාජපක්ෂ පවුල බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික දිලිත් ජයවීර චෝදනා කරයි.

නාමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පවුලේ අය ජනාධිපතිවරයාට දැඩි පීඩනයක් එල්ල කළ බව ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයා තම සමීපතම මිතුරෙකු වුවද ඔහුට ස්වාධීනව කටයුතු කිරීමට පවුලේ අය ඉඩ නොදුන් බව ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ තමා දැන් දැඩි ලෙස කණගාටුවට පත්වන බව පවසා තිබේ. ජනාධිපති ගෝඨාභය මහතා ජනතා සිතුම් පැතුම්වලට අවනත නොවන බවට ඔහු චෝදනා කරයි.

ඔහු සඳහන් කළේ සහෝදර සෙනෙහස සහ කෘතවේදීත්වය නිසා ගෝඨාභයට නිර්මාණාත්මක තීරණ ගැනීමට නොහැකි වූ බවයි. රාජපක්ෂ පවුලෙන් තමාට අද දක්වා කිසිදු පුද්ගලික වාසියක් ලැබී නොමැති බවත් එවැනි දෙයක් තමන්ට ලැබෙන්නේ නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසට රාජපක්ෂවරුන්ට අභියෝග කරන බවත් ඔහු පැවසීය.

කොවිඩ් වසංගතයේ මුල් දිනවල හෝටල්වලින් හෝ අන්ටිජෙන් පරීක්ෂණ උපකරණවලින් අසාධාරණ ලාභයක් නොලැබුණු බව ඔහු සඳහන් කළේය. තමා රට ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බවද ඔහු පැවසීය. ගෝඨාභයගේ සමීපතම මිතුරෙකු වුවද ඔහු තම යෝජනා පිළි නොගත් බවත් බී.පී.ජයසුන්දර මහතා පත්කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධවූ බවත් ප්‍රකාශ කළේය. .

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කරනවාට රාජපක්ෂ පවුල මුලදී අකමැති වූ අතර තමන් ඇතුළු ජනාතිපතිගේ හිතවතුන් ජනාධිපති අපේක්ෂකයා කළ බව කීවේය. රාජපක්ෂ පවුල විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වීම නිසා ජනාධිපතිවරයාගේ නම කැත වී ඇති බව ඔහු සඳහන් කළේය. 

  ගෝඨාභය එළවා දැමීමේ අවශ්‍යතාවය ජනතාවට වඩා රාජපක්ෂ පවුලට වෙඩි බව ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාටවත් රටේ පවතින ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

දිලිත් ජයවීර මෙම අදහස් පළ කළේ යූ ටියුබ් නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.(වීඩියෝ අයිතිය - හරිtv)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now