මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ගැන අධිකරණය දුන් අලුත්ම තීන්දුව

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Nov 28, 2022 11:24 AM GMT
Report

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා , ජපන් ජාතිකයෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂ හයක මුදල් වංචා කළ බවට චෝදනා කරමින් පණවා තිබූ නඩුවෙන් නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. 2015 වසරේදී පවරා තිබූ මෙම නඩුවට අදාළ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන ජොසුක්සි හයාසි නමැත්තා නඩු පවරා වසර 07 ක කාලයක් ගතවී ඇතත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකල විනිසුරුවරයා, විත්තියේ නීතිඥ ජීවන්ත ජයතිලක කළ ඉල්ලීම පිළිගනිමිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ. ඒ අනුව ඩිලන්ත මාලගමුව, ඥානදීපන් ශිවජෝති සහ සංජුල බණ්ඩාර යන විත්තිකරුවන් තුන්දෙනා මෙම නඩුවෙන් නිදහස් කර තිබෙනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now