දික්ඔය පිටාර ගලයි - නිවාස රැසක් සහ සංචාරක හෝටලයක් ජලයෙන් යටවෙයි

Floods In Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Flood
By R.rishma Aug 03, 2026 07:12 AM GMT
Report

අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශයට ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් අද (03) නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ 2013 වසරේදී ද මෙවැනි ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් බවත්, යළිත් දික්ඔය පිටාර ගැලීම හේතුවෙන් තම නිවාස ජලයෙන් යටවී ඇති බවත්ය.

මේ අතර, මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.