නිවසකින් මතු වූ ඩීසල් ගබඩාව..(VIDEO
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
නීතිවිරෝධිව ඩීසල් සන්තකයේ තබාගෙන වැඩි මිලට අලෙවි කළ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) පෙරවරුවේ මිද්දෙණිය කටුවන පාර ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඩීසල් ලීටර් 1,700 ක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. එමෙන්ම නීතිවිරෝධි ලෙස ඩීසල් සන්තකයේ තබාගෙන සිටි අදාළ සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 45 හැවිරිදි මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වීය. මිද්දෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |