ඩීසල් ලීටරය රුපියල් 200ට දෙයි?..මිල වැඩි වීමෙන් ගැටලු රැසක් මතුවෙයි..
ඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව බහුදින යාත්‍රා හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානය අවධාරණය කර සිටිනවා.
මාළු කිලෝවක මිලත් ඉන්ධන සමාන වී ඇති බව, එහි කැඳවුම්කරු අජිත් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.
ධීවර කර්මාන්තයේ පවතින ගැටලු හේතුවෙන් බහුදින යාත්‍රා 2,500ක් පමණ ධීවර වරායන්වල නැංගුරම්ලා තිබේ.
මෙරට ඇති බහුදින යාත්‍රා සංඛ්‍යාව 5000ක්. සෑම මසකම රජය ඉන්ධන මිල සංශෝධනය කරනවා.
අජිත් නිශාන්ත මහතා පෙන්වා දෙන්නේ, මිල රුපියලකින් හෝ රුපියල් දෙකකින් අඩු වූව ද රුපියල් 35ත් 40ත් අතර ප්‍රමාණයකින් වැඩි වන බවයි.
මේ අතර, මෙම දිනවල මාළු ගණන් ද පහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මෙම ඉන්ධන මිල වැඩි වීම දරාගැනීමට නොහැකියි.
බහුදින යාත්‍රාවක් එක් ගමන් වාරයක් සඳහා ඉන්ධන ලීටර් 4,000ක් පමණ වැය වන බවත් ඒ සඳහා රුපියල් 1,25,000ක් ගෙවීමට සිදු වන බවත් අජිත් නිශාන්ත මහතා අවධාරණය කර සිටියා.
එමෙන්ම ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා අනෙකුත් උපකරණවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.
ඒ හේතුවෙන් අජිත් නිශාන්ත මහතා රජයෙන් ඉල්ලීමක් කළේ, ධීවරයන් සඳහා ඩීසල් ලීටරයක් රුපියල් 200කට පමණ ලබා දෙන ලෙසටයි.