චීනයෙන් ගේන ඩීසල් ජනතාවට නොමිලේ දෙන්න යයි..මුලින්ම ලැබෙන පිරිස මෙන්න.

Mahinda Amaraweera China Ministry of Agriculture Petrol diesel price China Ship In Sri Lanka
By Aruna Nov 15, 2022 12:15 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබෙනවා.

චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඉන්ධන තොගය දෙසැම්බර් මස වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී ගොවීන්ට එම ඉන්ධන ලබාදීමට පියවර ගන්නා බවය.

අදාළ ඉන්ධන ගොවීන්ට නොමිලේ ලබාදෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ, යම්කිසි ප්‍රදේශයක සී සෑම හෝ අස්වනු නෙළීමේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් දිස්ත්‍රික් ලේකම්වරු හමුවී ඊට පිළියම් යොදා ගත හැකි බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now