ඩීසල් භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්..
මහජනතාව තවදුරටත් අනවශ්‍ය ලෙස ඩීසල් ගබඩා කර තබා ගතහොත් ඩීසල් හිඟය තවත් උග්‍ර විය හැකි බවට බලශක්ති අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.
අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පැවසුවේ, මෙය තත්වය පාලනය කළ නොහැකි වීමට මෙය හේතු විය හැකි බවයි.
ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,අනවශ්‍ය ලෙස ඩීසල් ගබඩා කිරීමෙන් වළකින ලෙසයි.
ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගැටළු පවතින බව පවසන ඇය, ගැටළු විසඳීමට අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන ඇති බවයි සදහන් කළේ.
ඇමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්ධන, ඹෟෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයකට මුහුණ දී සිටිනවා.
ඉන්ධන නොමැතිකම හේතුවෙන් පැය කිහිපයක් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්වල රැඳී සිටීමට මහජනතාවට සිදුව තිබෙන අතර ඉන්ධන හිඟය හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ විදුලිය විසන්ධි කිරීමට ද සිදු වුණා.
මේ අතර බූලි සහ බෝතල් වලට ඉන්ධන ලබා දීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම ඉන්ධන බෙදුම් කරුවන්ට දැනුම් දී ඇත.
එසේ කටයුතු නොකරන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ තත්ත්වය වහාම නතර කරන ලෙස සංස්ථාව පොලිසියටද දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |