මුහුණ පෑ සිද්ධිය ගැන රාජ්‍ය ඇමතිනී ඩයනාගෙන් එකවරම ප්‍රකාශයක්.

Sri Lanka Politician Sri Lanka Diana Gamage
By krishani Oct 24, 2023 01:02 AM GMT
Report

පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිසා තමන් මුහුණ පෑ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අදහස් දැක් වීය.

ඒ ඊයේ (23) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ය.

අදහස් දක්වමින් එහිදී ඇය කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය නිහඬව සිටීම පිළිබඳව තමන් දැඩි ලෙස කණගාටුවට පත් වන බවයි.

එමෙන්ම එදින වූ සිදුවීමට අදාළ CCTV දර්ශන කථානායකවරයා භාරයේ පවතින බැවින් ඉදිරියේ දී එම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරන බව ඇය සඳහන් කළේ ය.