රාජ්‍ය ඇමතිනී ඩයනා සහ මන්ත්‍රීවරුන් පිරිසක් අතර වුණ ගුටි කෙළියට මොකද වුනේ?. මේ 25 වෙනි දා කරන්න යන දේ මෙන්න..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Sri Lanka
Diana Gamage
By krishani
පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් ද පත් කළේ ය.
එලෙස පත් කළ කමිටුව ලබන 25 වෙනිදා උදැසන 11.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වීමට නියමිතයි.
ඒ බව එම කමිටු ප්‍රධානි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
ඔහු කියා සිටියේ මුලික විමර්ශන කටයුතු ආරම්භ වන බවත් අදාළ CCTV දර්ශන විමර්ශනය ද එදිනට පවත්වන බවත් ය.
කෙසේ වෙතත්, මෙම කමිටුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුක්ත වන අතර සෙසු සාමාජිකයන් ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ, ඉමිතියාස් බාකිර් මාකර්, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක යන මැති ඇමතිවරුන් පත්කර ඇත.