ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, තම ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය මධ්‍යම රජය සහ "කොක්‍රෝච් ජනතා පක්ෂය" අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා සිය නිල X ගිණුම හරහා ද සිය ඉල්ලා අස්වීම පිළිබඳව දැනුම් දී තිබේ.
— Dharmendra Pradhan (@dpradhanbjp) July 25, 2026
තරුණ විරෝධතා මධ්‍යයේ ගත් තීරණයක්
අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ඉන්දියාවේ මාසයකට ආසන්න කාලයක් පැවති තරුණ විරෝධතා මාලාවකින් අනතුරුවය.
තරුණ ප්‍රජාව නියෝජනය කරන කැරපොත්තා ජනතා පක්ෂය ආරම්භ කළ විරෝධතාවල ප්‍රධාන ඉල්ලීමක් වූයේ අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
ඉන්දීය වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය සඳහා පැවැත්වෙන NEET විභාගයේ සිදුවූ බව කියන අක්‍රමිකතා මෙම විරෝධතා ආරම්භ වීමට ප්‍රධාන හේතුවක් වී තිබූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා එල්ල වූයේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අමාත්‍යවරයා වෙතය.