ගුවන් යානයේදී අල්ලා ගත් ධානිෂ් අලීට සිදු වූ දේ..(VIDEO)

Sri Lankan protests Sri Lanka SL Protest
By Sewvandhi Jul 28, 2022 03:12 AM GMT
Report

විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ධානිශ් අලී නැමැත්තා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය. 

 රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලිසිය මගින් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වන නඩුවක හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ලබන 01 වැනිදා ආවරණය සහිතව මෙම සැකකරු ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now