දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකුට අත්වූ ඉරණම..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jul 07, 2023 01:47 PM GMT
Report

පොලීසිය විසින් දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානාවක් යැවූ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 25 හැවිරිදි වියේ පසුවන අමෙරිකානු ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අද(7) උදෑසන එම පුද්ගලයා මෙලෙස අධි ආරක්‍ෂිත කලාපයක් ලෙස නම්කර ඇති දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් ඩ්‍රෝන යානාවක් ගුවන් ගතකර තිබෙනවා.

අනතුරුව පොලිස් තාක්ෂණ ඒකකය විසින් අදාළ ඩ්‍රෝන යානාව විසින් පටිගත කර තිබූ දර්ශන මකා දැමීමට පියවර ගෙන ඇති අතර, මහනුවර සංචාරක පොලිස් ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහනුවර සංචාරක පොලිස් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.