පරිප්පු සොසේජස් කාලා තියේ?

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 20, 2022 06:24 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කිරි දාලා..තෙල් දාලා මලවලා කෑවට පරිප්පු සොසේජස් කාලා නැහැ නේද?.. එහෙනම් මෙන්න පරිප්පු සොසේජස් recipe එක.

අවශ්‍ය ද්‍රව්‍ය

 - පරිප්පු කෝප්ප 1

- ලියාගත් ළූණු ගෙඩි 1/2

- කරපිංචා ස්වල්පයක්

- තෙල් ස්වල්පයක්

- චොප්කරගත් සුදුළූණු බික් 2

- චොප්කරගත් ඉඟුරු කෑල්ලක්

- මිරිස්කුඩු මේසහැඳි 1

- කෑලිමිරිස් මේසහැඳි 1

- ලුණු හා ගම්මිරිස්කුඩු

- කහකුඩු තේහැඳි 1/4

 සාදාගන්න ආකාරය

 - පරිප්පු ටික සෝදලා පැයක් පෙඟෙන්න තියන්න.

- දැන් වතුර අයින් කරලා පෙරාගන්න.

- භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු, කරපිංචා, ඉඟුරු හා සුදුළූණු දාලා තෙම්පරාදු කරගන්න.

- සාමාන්‍ය තරමට තෙම්පරාදු උනාම මේකට මිරිස්කුඩු, කහකුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරන්න.

- ඊට පස්සේ කලවම් කරලා පරිප්පු ටිකත් දාලා විනාඩි 3-4ක් තෙම්පරාදු කරගන්න.

- ඊළඟට මේක නිවෙන්න තියලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

- දැන් වතුර මේසහැඳි 2ක් වගේ දාලා නැවත හොඳට බ්ලෙන්ඩ් කරගන්න.

- මිශ්‍රණය අරගෙන පොඩි ෆොයිල් පේපර් වල ටික ටික තියලා සොසේජස් වගේ දික් අතට රෝල් කරලා දෙපැත්තෙන් අඹරගන්න.

- දැන් මේ ටික විනාඩි 30ක් හොඳට ස්ටීම් කරගන්න.

- නිවුනට පස්සෙ ෆොයිල් එක ගලවලා එලියට අරන් බැදලා හෝ තෙල්දාලා කෑමට ගන්න.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW