පොලිස් කැබිරථයකට දෙවුන්දර දි පහරදිමක්...

Sri Lanka Police Sri Lanka
By Subodha Apr 22, 2022 09:25 AM GMT
Report

ගන්දර පොලිස් ස්ථානය අයත් කැබ් රථයට (21 ) දින රාත්‍රි දෙවුන්දර නගරයේදී කිසියම් පුද්ගලයෙකු විසින් පහර දී අලාභහානි කර ඇතැයි පොලිසිය පවසනවා.

ගන්දර පොලිස් ස්ථානයේ නිළධාරීන් දෙදෙනෙකු රාත්‍රී -ජංගම මුර සංචාරයේ නිරතව සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරකින් එම කැබි රථයේ ඉදිරිපස වීදුරුවට අලාභහානි සිදුවි තිබෙනවා.

මෙම සිද්ධිය වන අවස්ථාව වන විට ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී තිබු බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවිමට පෙර එම ස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් කෑ කෝ ගසමින් මාර්ගයේ ගමන් කර ඇති බවට ද වාර්තා වනවා.

එම යතුරු පැදියේ පිටුපස සිටි පුද්ගලයා විසින් මෙම ගල් ප්‍රහාරය එල්ල කර දෙවිනුවර ඔරලෝසු කණුව මාර්ගය දෙසට අදාළ යතුරු පැදිය නොනවත්වා ගමන් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටක් පවසන්නේ.

සිද්ධියෙන් කිසිවකුට අනතුරක් නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 


join now