මල් වෙඩිල්ලක් කරපු හදියක්..

Sri Lanka Police Poson poya day Sri Lanka
By Piyumika Jun 24, 2024 07:38 AM GMT
Report

පොසොන් පෝයට සමගාමීව නාන්නේරිය නිල්ගිරි විහාරස්ථානයේ සිට බුදුරුවකන්ද , ඓතිහාසික විහාරස්ථානය කරා ගල්ගමුව නගරය ඔස්සේ ඊයේ (23) රාත්‍රියේදී පොසොන් පෙරහැර වීදි සංචාරය කරන අතරවාරවාරයේදි පෙරහැරේ අලංකාරයට පත්තු කරන ලද මල් වෙඩිල්ලක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් එහි වහළයේ ටෙන්ට්රෙද්ද ගිනි ගැනීමෙන් පිළිස්සී ඇත.

විශේෂිත දූත පිරිසක් රුසියාවට..

විශේෂිත දූත පිරිසක් රුසියාවට..

පොසොන් පෝයට සමගාමිව මෙම පෙරහැර ගල්ගමුව නාන්නේරිය නිල්ගිරි විහාරස්ථානයේ සිට ගල්ගමුව නගරය හරහා වීදී සංචාරය කොට බුදුරුවකන්ද ඓතිහාසික විහාරස්ථානය කරා වාර්ෂිකව පවත්වන ලබන පෙරහැරකි.

එය මෙවරත් 23 දා විහාරස්ථානය මුල් කොට ගල්ගමුව යු.බී.වන්නිනායක විද්‍යාලය අසලින් පිටත් වෙන අවස්ථාවේදී එහි අලංකාරය වැඩි කිරීමට මල් වෙඩිල්ලක් පත්තු කර විසි කිරීමේදි ඈතට ගොස් ගල්ගමුව දුම්රිය පොළ ආසන්නයේ මාවතේ ගමන් ගත් ත්‍රී රෝද රථයක දැවටීමෙන් රාත්‍රි 9.10 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ .

දෙවෙනි පාරටත් ව්‍යාපාරිකයා රවටන්න ගිහින් නොසිතූ දෙයක් සිදුවෙලා..

දෙවෙනි පාරටත් ව්‍යාපාරිකයා රවටන්න ගිහින් නොසිතූ දෙයක් සිදුවෙලා..

ටෙන්ට් රෙද්ද ගිනි ගැනීමේදි අවට පිරිස් එක්ව එය නිවා දැමීම නිසා රථයට සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වා ගන්නට හැකිවු බවත් , ඉන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති බවත් පොලීසිය පවසා ඇත .