වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් විශේෂ පණිවුඩයක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Jan 20, 2024 06:02 AM GMT
Report

මින් ඉදිරියට සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා නොකරන්නැයි පොලිසියට යළි උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටිනවා.

නාරම්මල දී පොලිස් වෙඩි පහරින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (20) උදෑසන එම නිවසට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩ බලන පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

සිද්ධියෙන් මියගිය 41 හැවිරිදි රොෂාන් කුමාරතිලකගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට අද උදෑසන වැඩබලන පොලිස්පතිවරයා එම නිවසට ගිය බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඊයේ (19) දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බවයි.

අණ නොතකා ධාවනය කළ ලොරි රථයක් හඹාගෙන ගොස් එම ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වී තිබිණි.

මේ සම්බන්ධයෙන් උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, ඔහු නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Sponsored By Sarrita Jewellery

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් විශේෂ පණිවුඩයක්.. | Deshabnadu Thennakon Spacial Announcement