මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවත් පහසු වෙයි

Sri Lanka
By Sewvandhi Sep 05, 2022 02:41 PM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ගෙවීම් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවේ, ඉදිරියේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන ඕනෑම සේවාවක් සඳහා ගෙවීම් සිදුකිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිතා කළ හැකි බවය.

අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ඒ බව දැනුම්දුන්නාය.

නව තාක්ෂණයට අනුගත වීම සහ මුදල් රැගෙන යාමේදී ඇතිවන අපහසුතාවය මගහරවා ගැනීම යන කරුණු මූලික කරගනිමින් මෙම ක්‍රියාවලියට අනුගත වු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW