වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ තීරණයක් ගනී..

Government Employee Government Of Sri Lanka Department of Motor Vehicles
By Aruna Aug 03, 2023 01:08 AM GMT
Report

වාහන සඳහා වායු විමෝචන සහතික නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ උපාධිධාරී පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස්කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ තුළින් මාසිකව මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට හා මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන් සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ ඔස්සේ හඳුනාගන්නා අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතව ඇත. ඒ සඳහා මෙම වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකාර ආයතන සියල්ලේම සහභාගීත්වයෙන් යුතුව සිදුකිරීමටද සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.