මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - සැප්තැම්බර් මස 1 වැනිදා සිට මේ දේ ක්‍රියාත්මකයි..

Sri Lanka Driving Licence
By krishani Jul 26, 2023 05:45 PM GMT
Report

සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු තම දෙපාර්තමේන්තුවට භාරයට ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට පුහුණුව ලබමින් සිටින බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ගිවිසුමකට අනුව වසර කීපයක් යුද හමුදාවේ පාලනය යටතේ ද රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශය ක්‍රියාත්මක විය.