විදුහල්පතිනියට රහස් ප්‍රදේශය පෙන්වූ පොහොට්ටුවේ මන්ත්‍රී රිමාන්ඩ්..!

Sri Lanka Sri Lanka Podujana Peramuna Sri Lanka Police Investigation
By Sewvandhi Jul 27, 2023 02:08 PM GMT
Report

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයා අගෝස්තු මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.ඒ විදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වීම හේතුවෙනුයි.

කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි නමැති පුද්ගලයායි මෙලෙස බන්ධනාගාරගතකර ඇත්තේ.

එනම්, කොළඹ බාලිකා පාසලක විදුහල්පතිනියක් විසින් වැලිකඩ පොලීසියට කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය මාර්තු මස 20 වනදා සැකකරුව පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ.

එම පැමිණිල්ල විභාග කර නැවත යමින් සිටියදී පොලිස් ස්ථානයේ ආපන ශාලාව අසලදී සැකකරු විසින් අදාළ විදුහල්පතිනියට සිය රහස් ප්‍රදේශය පෙන්වා ඇත. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිනිය නැවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉන්පසු පොලීසිය අවස්ථා කිහිපයකදී සැකකාර නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවස වෙත ගොස් තිබුණ ද ඔහු එහි සිට නැති බව අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් ඊයේ දිනයේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව පොලීසිය විසින් අධිකරණයට දැනුම්දී තිබේ. ඒ අනුව අධිකරණය ඊට අවසර දෙමින් සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.