ඩෙංගු මරණ 69ක් දක්වා ඉහළට

Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 19, 2026 09:31 AM GMT
Report

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 69ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 92,854 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් සියයට 52.95ක්, එනම් රෝගීන් 49,163 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 19,778කි. එය සමස්ත රෝගීන්ගෙන් සියයට 21.30කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,433ක් (19.85%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,695ක් (7.21%) වාර්තා වී තිබේ.

මේ අතර, මේ වසරේ මාසයක් තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 29,964කි.

අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,516 දෙනෙකු හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවල දැක්වේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.