ඩෙංගු මරණ සංඛ්‍යාව 71 දක්වා ඉහළට

Dengue Prevalence in Sri Lanka Death Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 20, 2026 08:15 AM GMT
Report

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව අද (20) වන විට 71ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 93,115 දෙනෙකු හඳුනාගෙන ඇත.

අගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු වාර්තා වී තිබේ.

දිස්ත්‍රික්ක අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19,825කි.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 18,475ක්, මහනුවරින් 6,726ක්, මාතරින් 6,066ක් සහ කළුතරින් 6,013ක් වාර්තා වී ඇත.

රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.