ඩෙංගු මරණ 61 දක්වා ඉහළට
Dengue Prevalence in Sri Lanka
Latest Headlines
Public Health Inspector
Sinhala news
Puwath.lk
By R.rishma
මෙරටින් මේ වසරේ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයින් 80,905 දෙනෙකු හඳුනාගෙන තිබේ. ජූලි මාසයේ 24 වැනිදා දක්වා පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530කි.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 17,135කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,574ක් හඳුනාගෙන ඇත.
පළාත් මට්ටමින් බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 42,835ක් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 12,260ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,924ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.