මෙරට සිසුන්ට උපාධිය කරා යන්න අලුත්ම සැලසුමක්..
Dinesh Gunawardena
Sri Lanka Politician
Sri Lanka
By krishani
මෙරට සිසුන්ට වසරකට පෙර සිය උපාධිය කරා ගමන් කිරීමට අවස්ථාව සැලසීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ විශාඛා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් සඳහන් කර සිටියේ ය.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,
"දරුවෝ බලාපොරොත්තු වෙන්නේ වෙලාවට විභාගයක්.වෙලාවට ප්‍රතිඵල, වෙලාවට උසස් අධ්‍යාපනයට යා හැකි දොරටු විවෘත වීමක්.
ඒ නිසා මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටිනවා.දරුවන් උපාධිය කරා ගමන් කරන කාලය වසරක් කලින් අඩු කරගන්නට අපි සාකච්ඡා කළා.ඒ අභියෝගය අපි ඉදිරියේ දී ජයග්‍රහණය කළ යුතුමයි." යනුවෙන් ය.