විශ්ව බුද්ධ ගැන මහා නායක හිමිගෙන් දැඩි තීරණයක් - නිකායෙනුත් නෙරපයි

CID - Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By Sewvandhi Jan 21, 2024 01:40 PM GMT
Report

විශ්ව බුද්ධ යන නාමයෙන් පෙනී සිටිමින් බුද්ධාගමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවත වරක් අත්අඩංගුවට ගත් පූජ්‍ය රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේරභාවයෙන් නෙරපීමට පියවර ගෙන ඇත.

මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් දැනුම්දී තිබේ.

පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු වනු ඇත.

එසේම ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි හිමි රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කර ඇති බවයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්...

Sponsored By Sarrita Jewellery

විශ්ව බුද්ධ ගැන මහා නායක හිමිගෙන් දැඩි තීරණයක් - නිකායෙනුත් නෙරපයි | Decision From Maha Nayaka Thero About Vishwa Budda


GalleryGallery