ණය ප්‍රතිව්‍යුහගත කරන හැටි ජනපති කියයි - ස්තීර තැන්පතු වලට බලපෑමක් වෙයිද..?
Central Bank of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Sri Lanka
By Sewvandhi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, වසර 5ක කාලයක් තුළ මෙරට මුලු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රටේ බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදුනොවන බවට ජනාධිපතිවරයා විසින් සහතික වී තිබේ.
ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවට.