ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම අවශ්‍ය ඇයි?
ලංකාව ආර්ථික ප්‍රපාතයටම ඇද වැටිමත් සමඟ මේකෙන් ගොඩ යන පොටේ අගක් මුලක් හොයාගන්න විදිහක් නැතුවයි ඉන්නේ. නමුත් ලංකාවට එක් අවස්ථාවක් තවමත් ඉතිරිව තිබෙනවා. ඒ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. ණය ප්‍රතිව්‍යුගතකිරීම යන්නෙන් අදහස් වන්නේ වඩා වාසිදායක ණයක් ගෙන සාපේක්ෂව අවාසිදායක ණයක් පියවීමයි.
ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම අවශ්‍ය වී ඇත්තේ ඇයි?
? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරු කිරීම් අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් අස්ථාවර හා ස්ථාවර මට්ටමකයි තිබෙන්නේ.
? 2021 වන විට සමස්ත රාජ්‍ය ණය දළ දේශීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 117%කි. ( මෙයට මධ්‍යම ආණ්ඩුවේ ණය, රජයේ ඇප මත ලබාගත් ණය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර වගකීම් අයත්).
? මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 19.7කි.
? ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර වගකීම් ආවරණය කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය සහ මහ බැංකුව විසින් වෙනත් රටවලින් ලබා ගන්නා මුදල් හුවමාරු කිරීම් මගින්.
? කෙසේ වෙතත් රජයේ ආදායම් වලට වඩා රාජ්‍ය වියදම් වැඩිවීම හේතුවෙන් ණය මට්ටම ඉහළ ගිහිල්ලයි තියෙන්නේ. මෙම තත්වය හඳුන්වන්නේ රාජ්‍ය මූල්‍ය හිඟය ලෙසයි.
? ණයට ගත් මුදල් ආයෝජනය කරනු ලැබුවේ අඩුවෙන් ආර්ථික වර්ධනයට දායක වන ව්‍යාපෘති වල නිසා ණය පොලී ගෙවීම සඳහා තවත් ණය ගැනීමට සිදු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බාධා ඇති වුණා.
? ඊට අමතරව ආර්ථික කම්පනයන් කිහිපයකට ශ්‍රී ලංකාව මුහුණ දුන් නිසා නිසා රටට ප්‍රශ්නය විසඳාගැනීමට නොහැකි විය.
ණය ගෙවීම් අස්ථාවර මට්ටමට පත් වීම යනු..
? වර්තමාන ණය මට්ටම අනුව ඒකාබද්ධ ආර්ථික ගැලපුම් භාවිතා කිරීම සිදු කළ නොහැකි බව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් මගින් ශ්‍රී ලංකාව තම සියලු ණය ආපසු ගෙවිය හැකි තත්ත්වයට පත් පත්කළ නොහැකි වීම අස්ථාවර ණය ලෙස හඳුන්වනවා.
? මෙලෙස ඉහළ ගිය ණය මට්ටම සම්බන්ධයෙන් කළ හැකි එකම දේ වන්නේ කිසියම් ආකාරයකට එම ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමයි.
? ආර්ථික අර්බුදය උග්‍ර තත්ත්වයට පත්වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අරමුදල් ලබා ගැනීම ප්‍රශ්නය විසඳාගැනීම ඉතා වැදගත් මාර්ගයක්.
? නමුත් අස්ථාවර මට්ටමේ තිබෙන රටවලට ණය ලබාදීමේ හැකියාවක් ජාත්‍යන්තර මූලය අරමුදලට නැත.
? ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිල වශයෙන් වැඩසටහනකට එළැඹීමට හා අරමුදල් ලබා ගැනීමට පෙර ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමක් අවශ්‍යයි.
ණය ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ කෙසේද?
? ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමක් සඳහා ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශව සමඟ ණය කොන්දේසි පිළිබඳ නැවත සාකච්ඡා කිරීම හා දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකව සමස්ත ණය අවම කරගත හැකි ආකාරයට ණය වටිනාකම තක්සේරු කර ගැනීම අවශ්‍යයි වෙනවා. එලෙස ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම විවිධාකාරයෙන් සිදු කළ හැකියි.
‼️ ණය ආපසු ගෙවීමේ කාලය දිගු කිරීම හෝ කල් දැමීම .
‼️ පොරොන්දු වූ පොලී අනුපාතික අඩු කිරීම .
‼️ ණය වටිනාකමෙහි අඩු කිරීමක් සිදු කිරීම.
? මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමේදී මෙම එක් ක්‍රමයක් හෝ විවිධ ක්‍රම වල සම්මිශ්‍රණයක් භාවිතා කෙරුණු ඇති.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |