මාළු දැලක පැටලී 23 හැවිරිදි තරුණයෙක් අවසන් ගමන් යයි..

Sri Lanka Police Jaffna Accident Death
By Aruna Mar 26, 2024 02:17 AM GMT
Report

වාලච්චේන පොලිස් වසමේ පූනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් ඇති බව කියන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (25) පස්වරුවේ දී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙම තරුණයා අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුව ඇති අතර, ඔහු විසින් මාළු දැලක් ද රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර, වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.