වරකාපොළ මවගේ සිරුර සොයාගනී - වැඩිමහල් පුතුව සොයයි..

Sri Lanka Weather
By krishani Oct 15, 2022 02:26 AM GMT
Report

වරකාපොල - තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඊයේ (14) පස්වරුවේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එහි සිරව තිබූ මවගේ සිරුර සොයාගෙන ඇත.

යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම සිරුර සොයාගත් අතර  පස් කන්දට යටවී ඇති ඇයගේ වැඩිමහල් පුතු සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අනතුර සිදු වූ අවස්ථාවේ පියා මුදා ගැනීමට කටයුතු කර තිබිණ.පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණු අතර සිද්ධිය වන අවස්ථාවේ දී මියගිය කාන්තාවගේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇත.

ඔහු මේ වනවිට සිය මිතුරෙකුගේ නිවසේ රැඳී සිටින බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join