සිය මව ඝාතනය කළ, නළු පුතෙකුට ලැබුණ දඬුවම..

Crime
By krishani Sep 23, 2022 10:55 PM GMT
krishani

krishani

in ලෝකය
Report

එක්සත් ජනපදයේ නළු රයන් ග්‍රන්තම්ට තම මව ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2020 වසරේදී ඔහුගේ මව වන බාබරා වේට් ඝාතනය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු එක්සත් ජනපද නළු රයන් ග්‍රන්තම්ට වැන්කුවර්හි පිහිටි බ්‍රිතාන්‍ය කොලොම්බියා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත. 

වැන්කුවර්හි උතුරේ පිහිටි ඔවුන්ගේ නිවසේදී පියානෝ වාදනය කරමින් සිටියදී මවගේ හිස පිටුපසට වෙඩි තැබූ බව ඔහු පවසා ඇති අතර නඩු විභාගය අතරතුරදී ඔහුගේ නීතීඥයින් පවසා ඇත්තේ ඔහු කාංසාව සහ මානසික අවපීඩනය සමග පොරබදමින් සිටින බවය.

එමෙන්ම ඔහු තම මව ඝාතනය කිරීමට පෙර මාස කිහිපය තුළදීද සිය දිවි නසා ගැනීමටත් අන් අයට හානි කිරීමටත් උත්සාහ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join