දරුවෙක් වගේ බලාගත්ත සුරතලා - තුන් හිතකින්වත් හිතන්න නැතුව ඇති.. බලු පැටියා බේරගන්න ගිය කතට අන්තිමට වුණ දේ දැකලා සියල්ලන් හඬා වැටෙයි.. (VIDEO)
සිය සුරතල් සුනඛයා දුම්රියට පැනීමට ගත් උත්සාහයක් වළක්වාලීමට තැත් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජිවිතක්ෂයට පත් විය.
ඒ වැල්ලව පහළ වරද්දන දුම්රිය ස්ථානය අසල දී ය.
මෙලෙස ජිවිතක්ෂයට පත් වූයේ වැල්ලව පහල වරද්දන ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි බිසෝ මැණිකේ නම් කාන්තාවයි.
ඇය ඊයේ (05) උදෑසනම සිය සුරතල් සුනඛයා ද සමග ඥාති නිවසකට ගොස් ඇත.
එහිදී අදාළ නිවසේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් ඇය සුනඛයා ද සමඟ යළි සිය නිවස බලා පැමිණ තිබෙනවා.
එහිදී වරද්දන දුම්රිය ස්ථානය අසලදී ඔවුන් මදක් නැවතී ඇති අතර ඒ යාපනය සිට කොළඹ දෙසට ගමන්ගත් ශීඝ්රගාමි දුම්රිය ඔවුන් පසුකර යනතුරුයි.
නමුත් එහිදී සුනඛයා දුම්රිය මාර්ගයට පැනීමට උත්සාහ කර තිබෙනවා.
පසුව සුනඛයා බේරාගැනීමට කටයුතු කළ අවස්ථාවේ ඇගේ හිස ගමන් කරමින් තිබූ දුම්රියේ වැදී ඇත.
කෙසේ වෙතත්, එමගින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් විය.
වීඩියෝ දර්ශන - Hiru News